Global Platform For All Sri Lankans

“ජනාධිපති වෙන්න පුළුවන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිය අයට විතරක් නෙමෙයි” අගමැතිනිය

මේ රටේ අය හිතාගෙන හිටියේ හැමදාම රටේ ජනාධිපති වෙන්න පුළුවන් කොළඹ රාජකිය විද්‍යාලයට ගිය අයට පමණක් බව නමුත් මෙවර ජනාධීපතිවරණයෙන් තඹුත්තේගම විද්‍යාලයේ කෙනෙක්ට ජනාධීපති වෙන්නට හැකි වු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, මහනුවර ඊයේ පැවැති පෙර පාසැල් ගුරු හමුවකට එක්වෙමින්.

එහිදී ඇය කියා සිටියේ පෙර පාසල් අධ්‍යාපනය ද මෙරට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධ විය යුතු බවයි.

අධ්‍යාපන අමාත්‍යංශයට මෙය ඇතුළත් නොවුනේ විෂායානුකුල පදනමකින් නොව පෙර පැවැති ආණ්ඩුව ඇති වාසිය වෙනුවෙන් බව ඇය මෙහිදී කියා සිටියා.

5 වසර පවත්වන්නට ප්‍රධාන හේතුව වන්නේ මෙරට අධ්‍යාපනයේ ඇති පාසල් හොඳම පාසල, ජනප්‍රියම පාසල යන පාසල් වර්ග කිරීම බව ඇය අවධාරණය කර සිටියා.

අපේ ආණ්ඩුවක් යටතේ 8 ශ්‍රේණියෙන් පහළ සිසුන්ට තරගකාරී විභාග පැවැත්වීමට අපේක්ෂා නොකකරන බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads