Global Platform For All Sri Lankans

පාකිස්ථානය තරගාවලි ජයක් අබියස

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 141ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරග‌යේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 31.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 140ක්.

ශේන් ඇබෝට් ලකුණු 30ක් සහ මැතිව් ෂෝට් ලකුණු 22ක් ලබාගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී ෂයින් ෂා අෆ්රිඩි සහ නසීම් ෂාහ් කඩුලු 03 බැගින් දවාගත්තා.

තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වනවිට කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads