2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබු ඡන්ද දායකයින් සංඛ්‍යාව 738,050ක්.
ඒ අනුව පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.
මේ අතර මහා මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කිරීම අද (14) පස්වරු 04.00ට අවසන් කෙරුණු අතර අද පෙරවරු 7.00 සිට ඊට අවස්ථාව හිමිව තිබුණා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුකෙරුණා.
මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 ක්.
Author: Lanka Hit News
Post Views: 3