Global Platform For All Sri Lankans

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ දෙසැම්බර් මස 31 වන දින වනවිට සම්පූර්ණයෙන්ම නිම කර අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  උපදෙස් ලබාදී තිබෙනවා.

පොතුහැර සිට රඹුක්කන දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා ගිය ප්‍රවාහන , මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබෙනවා.

එහිදී මෙම මාර්ගයේ විශේෂ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා තුන්වන අදියර විධිමත්ව අවසන් කිරීමේ අවශ්‍යතාවය දැනුම් දී තිබේ. දැනට ඒ සඳහා ඇති බාධක හැකිතාක් අවම කර ඉදිකිරීම නිමා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීමටද අමාත්‍යවරයා මැදිහත් වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය 2023.7.4 දින ආරම්භ කර තිබෙන අතර පොතුහැර සිට ගලගෙදර දක්වා වන සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 210 කි. මංතීරු 4 කින් සමන්විත මෙම මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 32.4 ක්.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් , අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර , ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුරාධ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක්ද නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads