Global Platform For All Sri Lankans

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

“නිතීපතිගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරනවා” ජනපති

 

දේශපාලන සිරකරුවන්, නිතීපතිගේ උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටේ සියළු දෙනා එකතු කරන දේශපාලන බලවේගය තමා ජාතික ජනබලවේගය බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අද (10) වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති ජනහමුවක් අමතමින් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසත් වවුනියාව දිස්ත්‍රික්කයට ජනාධිපතිවරණයට පැමිණිය ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඒ දෙන්නා නොපැමිණෙන බවයි.

අපේ රට හැම ආකාරයට බෙදී තිබෙන රටක් බවත්, එයින් අපේ රට ඉස්සරහට යන්න බැරි බවත්,  මේ බෙදීම් වලින් ජාතික ජනබලවේග ආණ්ඩුව තුළින් රටේ බෙදුණු යුගය අවසන් කරන බව ත් , දේශපාලන ව්‍යාපාරයක් මත සියළු ජනතාව එක කොඩියක් යටතට පැමිණිය යුතු බවත් සඳහන් කළා.

 

ජනාධිපතිවරණයේදී අපි ශක්තිමත් ව්‍යාපාරයක් කියා උතුරේ ජනතාව දැනගෙන නොසිටි නිසාවෙන්,  ඒ අය පරණ දේශපාලන පක්ෂයම තෝරාගත් බව ත් සඳහන් කළ ජනාධිපතිවරයා.

සැප්තැම්බර් 21 වනදා ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරලා ආණ්ඩුව හදන පක්ෂය අපේ පක්ෂය කියා ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගී තිබෙන බවත් සඳහන් වුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads