අම්පාර, කාර්තිව්හිදී පාසල් සිසුන් සමඟ අනතුරට ලක් වූ ට්රැක්ටරයේ සිට අතුරුදන් වූ සිසිනු 06දෙනාගෙන් තවත් සිසුන් තිදෙනකුගේ සිරුරු හමුව තිබෙනවා.
සිසුන් 11 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන්, ට්රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානයක් හරහා ගමන් කරමින් තිබියදී සැඩපහරකට හසුව පෙරළී පෙරේදා(26) දිනයේ මෙම ඛේදනීය අනතුර සිදු වුණා.
මෙලෙස අනතුරට පත් වූයේ, නින්දවූර් මද්රාසා පාසලේ ඉගෙනුම ලැබූ අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන සිසුන් බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත්, තවත් පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු සොයා මෙහෙයුම් තවමත් ක්රියාත්මකයි.
Author: Lanka Hit News
Post Views: 30