කතරගම පොලිස් වසමට අයත් ඩෝසර් වැව ප්‍රදේශයේදී අද (28) අලුයම 5 ට පමණ සැමියා විසින් පොරොව කින් පහරදී බිරිඳ ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ, අංක 72 ,ඩෝසර් වැව පාර, කතරගම ලිපිනයේ පදිංචි උසේන් නෝනා පරීනා නමැති 34 හැවිරිදි දෙදරු මවක්.
ඇය මල් වෙළෙඳාම් කර දිවි රැකගත් කාන්තාවක් වන අතර, දීර්ඝ කාලීන පවුල් ආරවුලක් හේතුවෙන් මෙම මිනිස් ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම, පොරොවෙන් හිසට පහරදී නිවසේ මිදුල මැද බිරිඳ ඝාතනය කල 44 වියේ පසුවන සැකකාර සැමියා, ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කරනවා.
කතරගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .
Author: Lanka Hit News
Post Views: 6