සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් තිබෙනවා.
එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් මන්ත්රීවරයා සඳහන් කර සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතු වරප්රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර තිබෙන බවද සඳහන්.
මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත්, එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Author: Lanka Hit News
Post Views: 10