එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව විසින් ගෝලීය වශයෙන් සිදුවන ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීමට පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
දකුණු කොරියාවේ බුසාන් හිදියි මෙම කමිටු සාකච්ඡා පවත්ව තිබෙන්නේ.
තෙල් නිෂ්පාදන කරන රටවල් ඇතුලු රටවල් කිහිපයක් එක්ව ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියත් පසුව ඔවුන් ඊට අකමැති වී ඇති බවද එම වාර්තාවල සඳහන්.
Author: Lanka Hit News
Post Views: 312