Global Platform For All Sri Lankans

Lanka Hit News

E – Passport ටෙන්ඩරය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ඉකුත් රජය සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට “ඊ විදේශ ගමන් බලපත්‍ර” මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.

එම විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව විසින් සතියක කාලයක් ඉල්ලා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

ඒ අනුව, මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා.

මෙහිදී වග උත්තරකාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණගිශ්වරන් කියා සිටියේ, අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සිය සේවාදායකයින් විසින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව, ඒ පිළිබඳ විභාගය ජනවාරි මස 23 වැනිදා පැවැත්වීමටද අධිකරණය දින නියම කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads