පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද(04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙන අතර, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය අද පැවැත්වීමට ද නියමිතයි.
ඒ අනුව, අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 10