Global Platform For All Sri Lankans

Lanka Hit News

දකුණ ට රතු කැකුළුත් නෑ , සහල් හිඟයේ නවතම තතු..

දකුණු පළාතේ ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා රතු කැකුලු සහල් ද වෙළදපොලේ මේ වන විට හිඟව පවතිනවා.

මේ හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාම ඇතුලු ප්‍රදේශ රැසක පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවටයි සඳහන්.

මරදගහමුල සමස්ත ලංකා සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් අද(04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, සුදු සහ රතු කැකුලු මෙන්ම නාඩු සහල් හිඟයද තවදුරටත් පවතින බවයි.

සහල් මෙන්ම පොල් ගෙඩියක්ද තවමත් රුපියල් 200 ඉක්මවා අලෙවි වනවා.

ඇතැම් නගරබද ප්‍රදේශවල පොල් ගෙඩිය වෙනුවට වෙළදසැල්වලින් පොල් බෑයක්ද රුපියල් 100 ඉක්මවා අලෙවි කරන බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපයේදී සතොස හරහා පොල් සහ සහල් අඩු මිලට ලබා දීමට කටයුතු කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads