Global Platform For All Sri Lankans

Lanka Hit News

” මාස 4කට රනිල් ට වෙන්කළ මුදලම ජනාධිපති අනුරටත් වෙන්කරලා ” සජබයෙන් චෝදනාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මඟින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හට ද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් ඔහු මෙලෙස වැඩිදුරටත් සඳහන් කළා.

“2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි. අපි සජබ ය කිව්වා IMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads