පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් 8,888ක ප්‍රමාණයෙන් පසුගිය (03) දා සවස 3.00 වන විට ආදායම් වියදම් වාර්තා භාර දී තිබෙන්නේ අපේක්ෂකයන් 2,042ක ප්‍රමාණයක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.
හෙට (06)දා මධ්‍යම රාත්‍රි 12.00 ට පෙර මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා භාර දිය යුතු බවත්, අදාළ කාලය තුළ වාර්තා භාර නොදීම වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
පසුගිය 14වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂ හා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 8,361 ක් තරග කළ අතර, 527ක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ අතර, මේ අනුව මැතිවරණය සඳහා 8,888ක් තරග තරනු ලැබුවා.
මේ අනුව, දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් 1,985ක් හා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්ව සිටි 527න් 57ක් ආදායම් වියදම් වාර්තා භාර දී තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම් 690ක් තරග කළ අතර, එම කණ්‍ඩායම් සැලකීමේදී ආදායම් වියදම් වාර්තා භාර දී තිබෙන්නේ කණ්ඩායම් 106ක් බවද මැතිවරණ කොමිසම පෙන්වා දී තිබෙනවා.