Global Platform For All Sri Lankans

Lanka Hit News

වාහන ආනයනය ගැන නවතම හෙළිදරව්ව

 

ලබන වසර ආරම්භයේ මෙරටට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාහන ආනයනකරුවන් දැඩි අපේක්ෂාවෙන් පසුවෙනවා.

ශ්‍රී ලංකාවට පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවටයි ඔවුහු අනාවැකි පළකරන්නේ.

පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් ද මේ සම්බන්ධයෙන් කියාසිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

මේ අතර, මෙරට බලයලත් මෝටර් වාහන වෙළෙඳ සමාගම් ද ආනයන ලිහිල් කළ වහාම මෝටර් රථ ආනයනය සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගනිමින් සිටින අයුරු දැකගන්න පුළුවන්.

එහිදී අදාළ සමාගම් විසින් ආනයනය කිරීමට නියමිත මෝටර් වාහනවල නවතම මිල ගණන් ද මේ දිනවල අනාවරණය කරනවා.

ඒ අතරේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙච්චිගේ පසුගියදා වාහන ආනයනය ගැන මෙලෙස අදහස් පළ කළා.

“පෙබරවාරි සිට අනිවාර්ය වශයෙන් අපිට වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය කරන්න දෙනවා කියලා අපිට වචනයක් දීලා තියෙනවා. අපි ලෑස්තියි වාහන ගෙන්වන්න. ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මේ මගින් ලැබෙනවා. වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කළා වාහන ආනයනයට ප්‍රතිපත්තියක් සක ස් කිරීමට. ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම වාහනවලින් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. පෙබරවාරිවල සිට වාහන ගෙන්වනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන්කරලා දෙන්න කැමැති වෙලා තියෙනවා. ඒ වගේම IMF එකත් වාහන ගෙන්වීම සඳහා අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න වාහන ආනයනකරුවන් 600ක් පමණ අවුරුදු 04ක් තිස්සේ අසරණවෙලා. මේ ඉන්න වෙළෙන්ඳන්ටත් සාධාරණයක් වියයුතුයි.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads