පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ , පැතිරෙමින් යන රෝගවල අවදානමක් මතුව තිබෙනවා.
ඒ අනුව , දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් වාර්තා වී ඇති බවයි.
එසේම, ඩෙංගු අවදානම් ප්‍රදේශ 20ක් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් , අදාළ සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසන්නේ, අයහපත් කාලගුණය පහව යාමත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමේ අවදානමක් පවතින බවයි.
Author: Lanka Hit News
Post Views: 37