Global Platform For All Sri Lankans

Lanka Hit News

ජොන්ස්ටන්ගේ නඩුව ලබන 13ට කල් යයි

 

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි විභාගයට ගැනුණා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 13 වනදා දක්වා කල් තැබූ විනිසුරුවරයා, එදින සාක්ෂිකරුවන්ගෙන් විත්තිය නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීමට නියමිත බවද සඳහන් කළා.

2012 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads