Global Platform For All Sri Lankans

Lanka Hit News

” වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න තහනමක් නෑ ” ඇමති ලාල් කාන්ත

 

තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීති බාධාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පවසනවා.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.

එසේම, ගොවීන්ගේ එම ප්‍රශ්නය , වැඩි කල් යන්නට පෙර විසඳන බවට ද ප්‍රතිඥාවක් දෙන බවද ඇමතිවරයා එහිදී සඳහන් කළා.

” වන සතුන්ගෙන් වන හානිය ලංකාව පුරා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ඉස්සරහට යන්න බෑ. මෙය රිළා ත්‍රස්තවාදයක් බවට පත් වී ඇති බව බොහෝ අය කියනවා. ” යනුවෙන් ද ඇමතිවරයා සඳහන් කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads