Global Platform For All Sri Lankans

Lanka Hit News

ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම යන මේ ආණ්ඩුව ගැන විපක්ෂ නායකගෙන් දෝස් මුරයක් ?

 

මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

” ආපු ගමන්ම මේ රජය ජනවරම උල්ලංඝනය කර තිබූ විදියටම අයි.එම්.එෆ් ගිවිසුමට එකඟ වීම මෑත කාලයේ තිබූ ලොකුම පාවා දීම ලෙස හැඳින්විය හැකියි. පවතින අයි.එම්.එෆ් ජාත්‍යන්තර බැඳුම්කර එකඟතාව මත ඉදිරියට යනවා නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගමන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.

වසර හතරක් ඇතුළත ණය ගෙවීම් නැවත ඇරඹීමේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකිවේ යැයි ඔබලා සිතනවාද? වසර නවයකින් ණය ගෙවීමේ කාර්යභාරය අරඹන්නට තිබූ මොහොතක එය වසර හතරකින් අරඹන්නට පසුගිය රජය එකඟ වී තිබෙනවා. ඒ අඩි පාරේම ඔබතුමන්ලත් යනවා. ”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads