වඩා හොඳ රාජ්‍යයක් ගොඩනගමින් සියලු පුරවැසියන්ට වඩා හොඳ ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී, මාධ්‍ය එහි කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (05) විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී යි.
ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එසේම, ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරීමට එක් වන ලෙස සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කරන බව ද සඳහන් කළ ජනපති , දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිඳු බාධාවක් නොමැති වුවද, ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙසට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
තවද, රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක , අවධාරණය කර ඇත්තේ නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බවයි.
එසේම, ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද ජනපති අනුර මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.