Global Platform For All Sri Lankans

Lanka Hit News

උත්සව සමයට පරීක්ෂකවරු 2000ක් වැඩට බැහැලා..

 

එළඹෙන උත්සව සමයේ විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ, එම වැටලීම්වලදී ආපන ශාලා සහ පිසූ ආහාර පරීක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරන බවයි.

කෙසේ වෙතත්, පැවති වර්ෂාධික කාලගුණයත් සමඟ ආහාර පාන ආශ්‍රිත පිරිසිදු භාවය පිළිබඳ ගැටලු රැසක් පැන නැගී ඇති බවත්, ඒ හේතුවෙන් බෝවන රෝග කිහිපයක්ද අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads