Global Platform For All Sri Lankans

Lanka Hit News

එක්සත් ජනපදයේ සහකාර ලේකම් සහ ඇමති විජිත අතර විශේෂ හමුවක්

 

එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර අද (06) හමුවක් පැවැත්වුණා.

එම හමුවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ අමෙරිකානු භාණ්ඩාගාරයේ නියෝජිතයන්ද සහභාගී වූ බවයි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

එහිදී ඔවුන්, ශ්‍රී ලංකා නව රජයට සුබ පැතූම් ද එක්කර තිබෙනවා.

එමෙන්ම, දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රමුඛතා පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාවට එක්ව කටයුතු කළ හැකි ක්‍රමයන් පිළිබඳව ද එහිදී අවධානය යොමුකර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads