ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී යි.
බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුව යළි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ පසුගිය (05) දිනයේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවා.
ඊයේ දිනයේ එලෙස ඇප මත මුදා හළ රත්වත්තේ , අද රිය අනතුරක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 11