Global Platform For All Sri Lankans

Lanka Hit News

අලුත්ම පෝලිම , මෙන්න විස්තරේ..

 

පවතින හිඟයට පිළියමක් ලෙස සහල් සහ පොල් අඩු මිලට පාරිභෝගිකයින්ට ලබා දීමට ලංකා සතොස ආයතනය පියවර ගනු ලැබුවත් සතොස අලෙවිසැල්වලින් තමන්ට නිසි ලෙස ඒවා ලබා ගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

සතොස හරහා එක් පාරිභෝගිකයෙකුට රුපියල් 220 බැගින් නාඩු සහල් කිලෝ 5ක් සහ රුපියල් 130 බැගින් පොල්ගෙඩි 3ක් මිලදී ගත හැකි බවයි ප්‍රකාශ වුණේ.

කෙසේ වෙතත්, ජනතාව චෝදනා කරන්නේ ඇතැම් සතොස වෙළෙඳසැල්වලට නිසි පරිදි සහල් සහ පොල් තොග ලැබී නොමැති බවටයි.

මේ අතර, පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් රජය නියම කළ රුපියල් 130ක මුදලට පාරිභෝගිකයින්ට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ඊයේ(06) ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණේ බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads