කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න වෙත අද(07) පෙරවරුවේ යොමු කෙරුණා.
එසේම, අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසුව මොහුව යළි කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන ගිය බවයි සඳහන්.
බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
කොල්ලුපිටිය මංසන්ධියේදී ඔහු පදවාගෙන ගිය ඩිෆෙන්ඩර් රථය බම්බලපිටිය දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරුණේ පසුගිය (05) වනදා යි.