ඉදිරියේ ලුණු හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් විසි දහසක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් විසින් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පසුගියදා පැවති අධික වර්ෂාව සහ ජලගැලීම් හමුවේ මන්නාරම, හම්බන්තොට සහ පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ අඩු වී තිබුණා.
මේ අතර, අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් තමාට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රත්න සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වර පවසනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය මුදල් ලබාගෙන රත්න සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වර වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු නොකරන බවටයි.
Author: Lanka Hit News
Post Views: 11