ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සුදු වෑන්වලින් ළමුන් පැහැර ගැනීමේ උත්සාහයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය අඟහරුවාදා බෝරෝනියා හයිට්ස් ප්‍රාථමික පාසල අසල දී උදෑසන 8.30 ට පමණ මෙලෙස දරුවෙක් පැහැර ගැනීමට තැත් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම පසුගිය සති තුන තුළ බ්ලැක්බර්න් ( Blackburn) සහ ටුලමරීන්හිදී ද (Tullamarine) මෙසේ ළමුන් පැහැර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධි දෙකක් අනාවරණය වී තිබුණා.
CCTV වාර්තා අනුව තහවුරු වී ඇත්තේ මෙම සිද්ධීන් දෙකට අදාළව සුදු වෑන් රථයක් සම්බන්ධ වූ නමුත් අපරාධකරුවන්ගේ විස්තර එකිනෙකට වෙනස් බවයි.
මාර්ගයේ තනිව ගමන් කරන ළමුන් ඉලක්ක කරගෙන, දෙමාපියන් විසින් එවූ පණිවුඩයක් යැයි කියමින් ළමුන් වාහනයට නග්ගවා ගැනීමට මෙම සැකකටයුතු සුදු වැන් රථයේ පැමිණි පිරිස් උත්සාහ කර ඇති බව සඳහන්.
ඒ අනුව වික්ටෝරියා පොලිසිය මේ පිලිබඳකඩිනම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, තම දරුවන්ට මෙහි අවදානම පිළිබද නිරතුරු උපදෙස් ලබා දෙන ලෙසයි වික්ටෝරියා පොලීසිය දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ.