Global Platform For All Sri Lankans

Lanka Hit News

හදිසියේම නදිමාල් පෙරේරා රෝහල්ගත කරයි

 

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට සංගීත ප්‍රසංගයක අතරතුර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පහරදීමේන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (06) පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීම සිදු කර ඇති පුද්ගලයා මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads