Global Platform For All Sri Lankans

Lanka Hit News

පුංචි ජන්දයට අදාළව, කොමිසම නීතිපති උපදෙස් පතයි

 

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මතුව ඇති කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ දැනට පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව දින නියම කිරීමට සිටියද එය කල් දැමීමට සිදුව ඇති බවයි.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා කැඳවන  ලද නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවීම සඳහා වූ පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමි වුණා.

එමෙන්ම, අවස්ථා කිහිපයකදීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ හැකි ඉක්මණින් ඡන්ද විමසීම සිදු කරන ලෙසයි.

පළාත් පාලන ආයතන 340ක් සදහා අපේක්ෂකයින් 8, 711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවත්වීමට නියමිත ඡන්ද විමසීම සදහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ නාමයෝජනා කැදවූ අතර, ඒ සදහා අපේක්ෂකයින් 80, 670 දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා.

නාමයෝජනා ඉදිරිපත් කළ මෙම පිරිසෙන් 8,000ක් පමණ මියගොස් හෝ විදෙස්ගතව ඇති අතර, දෙදහසක් පමණ පක්ෂ මාරු කර ඇති බවද මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ, කඩිනමින් පළාත් පාලන ඡන්ද විමසිීම පැවැත්වීමට කටයුතු කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads