Global Platform For All Sri Lankans

Lanka Hit News

10 වෙනිදාට පෙර දැනුම් දුන්නොත්, වන්දි ගෙවනවා..

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා. මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළා.

තව ද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහාය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා ඇත්තේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads