බදුල්ල දුම්රිය ස්ථානයේ නිළ නිවාස ආශ්‍රිතව මදුරු කීටයන් සහිත ස්ථානයන් පවත්වාගෙන ගිය බව කියන එම නිළ නිවාසවල පදිංචි දුම්රිය සේවකයින් 13 දෙනෙකු පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අනතුරුව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 39000 ක මුදලක් දඩ වශයෙන් නියම කළ බවයි බදුල්ල මහ නගර සභාව සඳහන් කළේ.
බදුල්ල නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සිදුකරන වැඩසටහන යටතේ මහ නගර සභා ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම නිල නිවාස පරීක්ෂා කිරිම සිදුකර තිබුණා.
එහිදී එම නිල නිවාස ආශ්‍රිතව මදුරු කීටයන් සහිත ස්ථාන ඇති බවටත්, මදුරුවන් බෝවිය හැකි ආකාරයේ ස්ථානයන් ඇති බවටත් නිරීක්ෂණය වී තිබෙනවා.
පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු වසංගතය ව්‍යාප්ත විය හැකි බැවින්, එවැනි ස්ථානයන් පිරිසිදු කර ගන්නා ලෙසට නිවේදන නිකුත් කර තිබියදීත් එය නොසළකා හැරිම මත අදාළ සේවකයින් හට නීති ප්‍රකාරව කටයුතු කළ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි ෆාමීන් නිජාර්ඩින් සඳහන් කළේ.
බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස් ජගත් ආරියරත්නගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් මෙම විශේෂ ඩෙංගු පරික්ෂාව සිදුකර තිබුණා.