Global Platform For All Sri Lankans

Lanka Hit News

ලොහාන් රත්වත්තේ කොටුව අධිකරණයට

 

බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන පසුගිය 07වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ කොටුව අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව, මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි පසුගියදා කරුණු අනාවරණය වූයේ.

එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේ.

මෙහිදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට මෙන්ම අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ දෙදෙනාට මරණීය තර්ජනය කළ බවටද අදාළව නඩු දෙකක් සැකකාර ලොහාන් රත්වත්තේ වෙත ගොනුකර ඇති අතර, ඒ අනුවයි ඔහු නමවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads