Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇප ඉල්ලා ලොහාන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

 

ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද(09) අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවයි.

ඒ අනුව, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත්, එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads