ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 2,138 දෙනෙකුට උසස්වීම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශ මතයි.
ඒ අනුව, නාවිකයින් 158 දෙනෙකු සාමාන්‍ය නැවි තනතුර දක්වාත් නාවිකයන් 279 දෙනෙකු බල නැවි තනතුර දක්වාත් උසස් කෙරෙනු ඇති.
එමෙන්ම, තවත් නාවිකයින් 406 දෙනෙකු නායක නැව් තනතුර දක්වාත්, නැවියන් 391 දෙනෙකු සුලු නිලධාරී තනතුරටත් උසස් කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඊට අමතරව, නාවිකයන් 539ක් ප්‍රධාන සුළු නිලධාරීන් ලෙසත්, තවත් 354ක් සමූහ ප්‍රධාන සුලු නිලධාරී තරාතිරම දක්වාත්, නාවිකයන් 11 දෙනෙකු පාලක ප්‍රධාන සුළු නිලධාරී තනතුර දක්වාත් උසස් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 10