රිය අනතුරක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇපමත මුදාහැරීමට කොටුව අධිකරණයෙන් නියම කළා.
රිය අනතුරක් සිදු කිරීමෙන් අනතුරුව නීතිඥ අකලංක උක්වත්තට සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජන කළ බවට කොටුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමාව ඉල්ලන බව විවෘත අධිකරණයට දන්වා සිටියා.
ඒ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කොටුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එමෙන්ම දෙපාර්ශවයම සමතයකට පත්වන බවද විවෘත අධිකරණයට දන්වා සිටියා.
පසුව, ලොහාන් රත්වත්තේව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොටුව අධිකරණය නියම කරනු ලැබුවේ.
Author: Lanka Hit News
Post Views: 12