Global Platform For All Sri Lankans

Lanka Hit News

බාර් ලයිසන් නිකුත් කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

 

නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ වන විටත් රටේ සෘජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් තිබූ බැවින් රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ වනවිට රජයට දැනුම් දී තිබූ බව එහි සඳහන්.

ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවද එම නිවේදනයේ දක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ඇතුළත් අයවැය ලේඛනය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads