කතානායක අශෝක සපුමල් රන්වල ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු නොවන බව ත්, එවැනි පුද්ගලයෙකු එහි අධ්‍යාපනය ලබා නොමැති බව ත් එම විශ්වවිද්‍යාලය දැනුම් දී ඇතැයි හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.
කතානායක ධූරයේ දිවුරුම් දීමට පෙර රන්වල, වසේඩා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු යැයි පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන බව කී හිටපු ඇමතිවරිය ඒ අනුව ඔහු වරද පිළිගෙන කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කළා.
දසවන පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ආචාර්ය අශෝක සපුමල් රන්වල යැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබූ නමුත් අද වන විට එහි ‘කතානායක අශෝක සපුමල් රන්වල’ වශයෙන් පළකර තිබෙන බවද ඇය නැවතත් මතක් කර දුන්නා.
එසේම, ජාතික ජන බලවේගය මහ මැතිවරණයට පෙර ජනතාවට බෙදාදුන් අත් පත්‍රිකාවල සහ අනෙකුත් ලේඛනවල ‘ආචාර්ය අශෝක සපුමල් රන්වල‘ වශයෙන් රන්වල හඳුන්වා දී තිබූ බව ද හිටපු ඇමතිවරිය පවසා සිටියා.
ඇය මේ අදහස් දැක්වුයේ , කොළඹ මල්පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.