Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට

 

රජය ආනයනය කරන මෙට්‍රික් ටොන් 5,200ක පළමු සහල් තොගය අද (16) දිවයිනට ළඟාවීමට නියමිතයි.

මේ අතර, පරිභෝජනයට නුසුදුසු බවට වරායේදී අනාවරණය වූ කිලෝග්‍රෑම් 75,000ක සහල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුව විසින් අදාළ පෞද්ගලික ආනයනකරුවන්ට නියෝග කර තිබෙනවා.

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමත් සමග මේ වනවිට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස පෞද්ගලික ආනයනකරුවන් විසින් ගෙන්වූ සහල් කිලෝග්‍රෑම් 75,000ක පමණ ප්‍රමාණයක ගුල්ලන් සිටීම, සහල් උරවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදන සමාගමේ විස්තර විකෘති කිරීම යන හේතුමත අදාළ බහාලුම් රේගුවෙන් නිදහස් නොකිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

එම සහල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙසයි රේගු දෙපාර්තමේන්තුව අදාළ ආනයනකරුවන් වෙත දැනුම්දී ඇත්තේ.

ප්‍රතිඅපනයනය නොකළහොත් එම සහල් තොග රාජසන්තක කර විනාශ කරන බව ද රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන්ට දැනුම්දී තිබෙනවා.

රජය ආනයනය කරන පළමු සහල් තොගය වන මෙට්‍රික් ටොන් 5,200ක පමණ ප්‍රමාණය හෙට දිවයිනට ළඟාවීමට නියමිතයි.

මේ අතර, සතොස අලෙවිසැල් සහ සිල්ලර අලෙවිසැල් සඳහා මේවනවිට සහල් ලැබෙමින් පවතින අතර ගාල්ල ප්‍රදේශයේ සහල් අලෙවිසැල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා.

වැඩිමිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා.

පුත්තලම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සිදුකළ වැටලීම්වලින් වැඩිමිලට සහල් අලෙවි කළ ව්‍යාපාරිකයන් 12 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads