Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක්

 

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහායි මෙලෙස වැඩ බලන අමාත්‍යවරු පත් කර ඇත්තේ.

ඒ අනුව, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්නද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරද, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමද පත් කර තිබෙනවා.

තවද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රද, කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ද පත් කර ඇති බවයි එම නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගැටුණු රජරට රැජිනයි සාගරිකයි ගැටුණු නිසා තිදෙනෙකුගේ වැඩට තිත ?

  බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එන්ජිම එකිනෙක ගැටීමේ සිද්ධියට අදාළව දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads