තම අධ්‍යාපන සුදුසුකම් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2005 – 2024 කාලය තුළදී ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් තොරතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම අඩු ආදායම්ලාභිගේ දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට අදාළ රුපියල් මිලියන 6,500 ක පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ද ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.