Global Platform For All Sri Lankans

Lanka Hit News

චීනයේ Shenzhou 19 ගඟනගාමීන් පළමු මෙහෙයුම සාර්ථකව අවසන් කරයි

චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගඟනගාමී කණ්ඩායම යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම ඊයේ (17) රාත්‍රීයේ සාර්ථකව නිම කළ බව දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය චීන ගඟනගාමීන් අභ්‍යවකාශ යානයෙන් පිටත සිදු කළ ක්‍රියාකාරකම්වල කාල සීමාව පිළිබඳ නව වාර්තාවක් ද සනිටුහන් කරන්නකි.

Cai Xuzhe, Song Lingdong,Wang Haoze යන ගඟනගාමීන්, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යාන්ත්‍රික දෑත් ආධාරයෙන් හා පෘථිවියේ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතිව අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම, මොඩියුලයෙන් බැහැරව ඇති උපකරණ පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් මෙහිදී අවසන් කර තිබෙන බවයි කියන්නේ.

එමෙන්ම එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ Shenzhou 19 ගඟනගාමී කණ්ඩායම යානයෙන් පිටත තවත් ක්‍රියාකාරකම් හා විද්‍යාත්මක පරීක්ෂණ මෙන්ම තාක්ෂණික අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කිරීමට ද සැළසුම් කර ඇති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads