Global Platform For All Sri Lankans

Lanka Hit News

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ලබන 31 වැනිදා

 

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනා.

ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් කෙරුණා.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට පෙරවරු 9.00 පෙර ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads