පාසල් ළමයින්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට අදාල පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
පාසල් ළමුන්ට මෙම දීමනාව ලබා දීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ඡන්ද විමසීමකින් තොරවම එම ඇස්තමේන්තුව සම්මත වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ.
මේ අනූව අගහිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6,000ක මාසික දීමනාවක් ලබා දීමට නියමිතයි.
මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා.
Post Views: 20