Global Platform For All Sri Lankans

Lanka Hit News

අඩු මිලට මත්පැන් බෝතලයක් ?

 

නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් නිසා බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

මෙම මත්පැන් නැති කිරීම වැටලීම්වලින් පමණක් සිදු කළ නොහැකි අතර ඒ සඳහා යොමු වී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර විකල්පයක් ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඔහු සඳහන් කළේ එය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළදපොළොට නිකුත් කරන බවයි.

මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බවද නීති විරෝධී මත්පැන්වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙලක් බවද කොමසාරිස්වරයා පැවසුවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads