Global Platform For All Sri Lankans

Lanka Hit News

ගොවියෙක් ඔළුවෙන් හිටගෙන කරපු ඉල්ලීම

 

ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන්ට වන අලින්ගෙන් සිදු වන හානිය නිමක් නැති බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ඉකිරිවැව, සෝමියෙල් යන ගම්මානවල ගොවීන් පවසනවා.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට අඹන් ගඟ හරහා ගම්මාන වෙත නිරන්තරයෙන් මේ ප්‍රදේශයට වන අලි පැමිණෙන බවත් නිවාස සහ වගාවන් විනාශ කරමින් ජන ජීවිතයට අවධානමක් ඇති බව ගොවීන් සඳහන් කළා.

කොතෙකුත් මැති ඇමතිවරුන්ට සහ වනජීවි නිළධාරීන්ට මේ බව කියා සිටියත් කියන ක්‍රමය පවා වෙනස් කරමින් කියන්නට සිදුව ඇති බවයි ගොවීන් පවසා සිටියේ.

එලෙස වන අලින්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ අදහස් දැක්වීමට එක්වූ ඉකිරිවැව ගම්මානයේ ගොවියෙකු අදහස් දැක්වීමේදී ඔලුවෙන් සිටගෙන මැති ඇමතිවරුන්ට, වනජීවී නිළධාරීන්ට සහ පරිසරවේදීන්ට අදහස් දැක්වීම විශේෂත්වයක්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads