Global Platform For All Sri Lankans

Lanka Hit News

මාළු මිල ඉහළට

 

උත්සව සමයේ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මාළු කිලෝවක සිල්ලර මිල ලෙස කෙලවල්ලා රුපියල් 2500ක් ද, තලපත් රුපියල් 2280ක් ද, බලයා රුපියල් 1100ක් ලෙස ද අලෙවි වෙනවා.

තවද, පරා කිලෝවක මිල රුපියල් 1800ක් ද, සාලයා රුපියල් 560ක් ද, හුරුල්ලා රුපියල් 1020ක් ද, ලින්නා රුපියල් 980ක් ලෙසයි අලෙවි වෙන්නේ.

මේ අතර, පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මාළු කිලෝවක තොග මිල ලෙස කෙලවල්ලා රුපියල් 1500ක් ද, තලපත් රුපියල් 1900ක් ද, බලයා රුපියල් 800ක් ලෙස ද අලෙවි වෙනවා.

පරා කිලෝවක මිල රුපියල් 1500ක් ද, සාලයා රුපියල් 450ක් ද, ලින්නා රුපියල් 900ක් ලෙසයි අලෙවි වෙන්නේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads