Global Platform For All Sri Lankans

Lanka Hit News

රහස් පොලිසිය පාර්ලිමේන්තුවට

 

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරින් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ, මෙලෙස නිලධාරින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබුණා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සදහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතීඥ හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

ඒ අනුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads