විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 27 වනදා සිට එම අදහස් ලබා ගැනීමට නියමිතයි. විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් ද උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළා.
පවතින තත්ත්වය යටතේ විදුලිය ගාස්තු සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරිමේ හැකියාව පවතින බවයි එහිදී, මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. ඒ අනුව ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට පසුගිය 17 වනදා සිට අවස්ථාව ලබාදී තිබුණා.
කෙසේ වෙතත් ලබන 27 වනදා සිට මේ සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් විදුලි පාර්භෝගිකයන්ගෙන් වාචිකව යෝජනා ලබා ගැනීමටයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත්තේ.
ඒ අනුව මධ්‍යම පළාත නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ලබන 27 වනදාත්, ඌව පළාත නියෝජනය කරමින් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ලබන 31 වනදාත් මහජන අදහස් ලබා ගනු ඇති.
වයඹ පළාතේ ජනතාවට ජනවාරි මස 4 වනදා කුරුණෑගල පළාත් සභා කාර්යාලයේ දී මහජන අදහස් ලබා දීමට අවස්ථාව හිමිවන අතර ජනවාරි 5 වනදා එම අවස්ථාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු මැද පළාතේ ජනතාවට හිමිවනවා.
සබරගමු පළාත නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ජනවාරි 3 වනදාත්, දකුණු පළාත නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ලබන ජනවාරි 4 වනදාත් මහජන අදහස් ලබා ගනු ඇති.
උතුරු මැද පළාතේ ජනතාවට ජනවාරි මස 5 වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් ලබා දීමට අවස්ථාව හිමිවන අතර ජනවාරි 6 වනදා එම අවස්ථාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ ජනතාවට හිමිවනවා.
නැගෙනහිර පළාත නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ජනවාරි 8 වනදාත්, බස්නාහිර පළාත නියෝජනය කරමින් බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ලබන ජනවාරි 10 වනදාත් මහජන අදහස් ලබා ගනු ඇති.
පසුව විදුලි ගාස්තු පිලිබද අවසන් තීරණය ලබන ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.
මේ අතර,විදුලිබල මණ්ඩලය ලාභ ලබන බවත් විදුලිබිල ඉදිරියේදී සංශෝධනය කර මහජනතාවට සියයට හයේ සහනය ලබා දීමට හැකි බවත් පොදුජන ප්රගතිශීලි සේවක සංගමය පවසනවා.