Global Platform For All Sri Lankans

Lanka Hit News

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරෙයි..

 

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ මස 31 වන දින විශ්‍රාම යාමට නියමිත වෛද්‍යවරුන් ද ඊට ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මින් පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් ලෙස පැවතියත් එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දැමුවා.

ඒ හේතුවෙන් මෙම කරුණ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පැවතුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

තුර්කියේ රෝහල් පරිශ්‍රයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටිමෙන් 4දෙනෙකු මිය යයි

තුර්කියේ රෝහල් පරිශ්‍රයක හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රෝහලේ නවතා තිබූ හෙලිකොප්ටර් යානය ගුවන් ගතවීමෙන් අනතුරුව

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads