Global Platform For All Sri Lankans

Lanka Hit News

තුර්කියේ රෝහල් පරිශ්‍රයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටිමෙන් 4දෙනෙකු මිය යයි

තුර්කියේ රෝහල් පරිශ්‍රයක හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝහලේ නවතා තිබූ හෙලිකොප්ටර් යානය ගුවන් ගතවීමෙන් අනතුරුව රෝහලේ සිව්වන මහලේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනෙක්,වෛද්‍යවරයෙක් සහ රියදුරෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පැවසෙන්නේ.

තුර්කියේ නිරිත දිග ඉස්පාර්ටා ප්‍රාන්තයේ හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් සොල්දාදුවන් 6දෙනෙක් ජිවිතක්ෂයට පත්වී සති දෙකක් ඇතුළත මෙම අනතුර සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads